යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය මඟින් ගාස්තු වැඩි වුවද, එය මේ වසර මුල පැවති ගාස්තුවට වඩා අඩු අගයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
2014 සිට 2022 දක්වා විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා වැය වූ මුදල ඉහළ ගිය නමුත්, එම කාලය තුළ විදුලි ගාස්තු වෙනස් නොකළ බව මණ්ඩලය පෙන්වා දෙයි. ඉන්ධන, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද එම කාලය තුළ අඛණ්ඩව වැඩි විය.
මෙම වැඩි වූ පිරිවැය සම්පූර්ණයෙන්ම මණ්ඩලය දැරීම නිසා විශාල වශයෙන් ණය ගැනීමටත්, සැපයුම්කරුවන්ට ගෙවීම් ප්‍රමාද කිරීමටත් සිදු වූ අතර එය දැනට ණය අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ අරමුණ වන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමයෙන් පියවා ගැනීම, ණය අර්බුදය කළමනාකරණය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත වේලාවට මුදල් ගෙවීමයි.
අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට හානි නොකර, සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම මෙහි මූලික ඉලක්කය බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.
අදාළ නිවේදනය පහත දැක්වේ.