සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි

ගල්ගමුව, අබන්පොල, නිකවැරටිය ප්‍රදේශයේ ජීවත්වන, ඉදිරි දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව සිටින වයස අවුරුදු 30ක් පමණ වන භාතිය හස්තියාගේ තත්ත්වය බරපතල බව මහව

මිතුරන් සමග බෙදාගන්න

ගල්ගමුව, අබන්පොල, නිකවැරටිය ප්‍රදේශයේ ජීවත්වන, ඉදිරි දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව සිටින වයස අවුරුදු 30ක් පමණ වන භාතිය හස්තියාගේ තත්ත්වය බරපතල බව මහව වනජීවී නිලධාරීන් පවසනවා. භාතිය හස්තියාට කඩිනම් ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා උපදෙස් දී තිබෙනවා.

පසුගිය මැයි මස 20 වනදා සිට භාතිය ඇතා පාදයේ ආබාධයකින් පෙළෙන බව දුටු ගම්වාසීන් විසින් මහව වනජීවී කාර්යාලය දැනුවත් කර තිබුණා. පසුව මහව වනජීවී නිලධාරීන් සිදු කළ නිරීක්ෂණයේදී අනාවරණය වුණේ, වෙඩි තැබීමකින් භාතිය හස්තියාගේ ඉදිරි දකුණු පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් ඇතා දැඩි ලෙස රෝගාතුරව ඇති බවයි.

ඒ අනුව, අවස්ථා කිහිපයකදීම මහව වනජීවී නිලධාරීන් සහ නිකවැරටිය පශුවෛද්‍ය නිලධාරීන් එක්ව භාතිය ඇතා නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කළ අතර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමද සිදු කෙරුණා.

එවන් පසුබිමක භාතිය ඇතාට සිය හොඬවැලෙන් ආහාර ලබා ගැනීමේ අපහසුතාවක් ද මතුවූ අතර, එම අවස්ථාවේදීත් වනජීවී නිලධාරීන් මැදිහත්වී ඇතාට ආහාර ලබා දීම සිදු කළා. කෙසේ වෙතත්, දිනෙන් දින පිරිහෙමින් තිබූ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට නරක අතට හැරී තිබෙනවා.

භාතිය හස්තියාගේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට ඊයේ (ජූලි 04) පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන් ද පැමිණියා.

ඒ අනුව, ඇතාගේ රුධිර සාම්පල ලබාගෙන එම පරීක්ෂණ වාර්තා සහ ස්කෑන් පරීක්ෂණ පදනම් කරගෙන කඩිනම් ප්‍රතිකාර සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. භාතිය ඇතාගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් පියවර ගනු ඇතැයි පරිසර හිතකාමීහු අපේක්ෂා කරති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්