පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තීරණාත්මක තරගය අද (12) පැවැත්වේ. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඕමාන කණ්ඩායමයි.
තරගය අද පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.
ලෝක කුසලාන උණුසුම තවත් වැඩිකරමින් අද දිනය තුළ තවත් තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතය, ඉතාලිය සහ නේපාලය අතර තරගය, ඉන්දියාව සහ නැමීබියාව අතර තරගය.
තම මව්බිමේදී පැවැත්වෙන මෙම තරගයේදී ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වී තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පවතින කාළගුණික තත්ත්වය සහ ක්‍රීඩා පිටියේ ස්වභාවය ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙන දෙනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ මත පළ කරති.