ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද (සැප්තැම්බර් 06) හරාරේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 5:00ට ආරම්භ වීමට නියමිතයි.
පළමු විස්සයි20 තරගය ජයගත් ශ්රී ලංකාව මේ වනවිට තරගාවලියේ 1-0ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිනවා. ඒ අනුව, අද තරගය ජයගත හැකි වුවහොත් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය ශ්රී ලංකාවට හිමි වනු ඇති.
ශ්රී ලංකා කණ්ඩායම අද තරගයේදී ද සිය දක්ෂතා ප්රදර්ශනය කරමින් තරගාවලිය ජයග්රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා.