සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වලට අනුව, 2025 මැයි මාසයේ පළමු සතිය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 33,910ක්. මේ අනුව, මේ වසරේ

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වලට අනුව, 2025 මැයි මාසයේ පළමු සතිය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 33,910ක්. මේ අනුව, මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 930,794 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සාමාන්‍යයෙන් ශීත කාලය අවසන් වීමත් සමඟ බටහිර රටවලින් ආසියානු කලාපයට එන සංචාරකයින්ගේ අඩුවීමක් පෙන්නුම් කරන අතර, මේ වන විට ශ්‍රී ලංකාවට දිනපතා පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 5,000ට වඩා පහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, 2025 මැයි 01 සිට 07 දක්වා සතිය දෙස බැලීමේදී, 2023 සහ 2024 වර්ෂවල එම සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් 2025 වසරේදී පැමිණ තිබීම විශේෂත්වයක්. 2023 වසරේ එම සංඛ්‍යාව 18,761ක් වූ අතර 2024දී එය 28,526ක් ලෙස වාර්තා වුණා. 2025 මැයි පළමු සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 33,910ක්.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි, 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වාර්තා වූ මුළු සංචාරක ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක්. මෙය 2024 පළමු මාස හතර තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ආදායමට සාපේක්ෂව 10.2%ක වර්ධනයක්. 2025 අප්‍රේල් මාසයේ පමණක් ඩොලර් මිලියන 646.1ක සංචාරක ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්