සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට හේතුව නවක වදයයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුවෙකු සිය නිවසේදී සියදිවි නසා ගැනීමට හේතුව නවක වදයට ලක්වීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මිතුරන් සමග බෙදාගන්න

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුවෙකු සිය නිවසේදී සියදිවි නසා ගැනීමට හේතුව නවක වදයට ලක්වීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ, මියගිය සිසුවා කිසිදු විශාදය රෝගී තත්ත්වයකින් පීඩා විඳ නොමැති බවයි. මෙය නවක වදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට CID විමර්ශනවලින් තහවුරු වී තිබීමෙන් සිද්ධියේ බරපතළකම තවදුරටත් ඉස්මතු වී ඇත.

සරසවි පාලනාධිකාරිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන නවක වද සිදුවීම් පිටතට අනාවරණය වීමට ඉඩ දී නොමැති බවද මෙම විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල පාලනය පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීම් මතු කරයි.

සියදිවි නසා ගැනීමට ලක් වූ චරිත් දිල්ෂාන් නම් සිසුවාට සිදුවීම සිදුවීමට පෙර දින රාත්‍රිය පුරාම නවක වදය ලබා දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, පෙරේදා (ජූනි 18) ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නවක වද සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමටද අධිකරණය තීරණය කර ඇත. සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුන් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලංගොඩ අධිකරණය නියෝග කළා.

මෙම සිද්ධියත් සමඟ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින නවක වද ගැටලුව සම්බන්ධයෙන් නැවතත් පුළුල් කතිකාවක් මතු වී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්