සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

සහෝදරයන් දෙදෙනෙක් එක් කාන්තාවක් සමඟ විවාහ වෙලා

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි ෂිලායි ප්‍රදේශයෙන් සහෝදරයන් දෙදෙනෙක් එක් කාන්තාවක් සමඟ විවාහ වූ අසාමාන්‍ය පුවතක් වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම විවාහය කිසිදු පීඩනයකින්

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි ෂිලායි ප්‍රදේශයෙන් සහෝදරයන් දෙදෙනෙක් එක් කාන්තාවක් සමඟ විවාහ වූ අසාමාන්‍ය පුවතක් වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම විවාහය කිසිදු පීඩනයකින් තොරව සිදු වූවක් බවයි.

මනාලයන් වන ප්‍රදීප් සහ කපිල්, සුනීතා චෞහාන් නම් කාන්තාව සමඟ මෙලෙස විවාහ වී ඇත. මෙම විවාහ මංගල උත්සවය පසුගිය ජූලි 12 වන දින ආරම්භ වී දින තුනක් පුරා සිර්මෞර් දිස්ත්‍රික්කයේ ට්‍රාන්ස්-ගිරි ප්‍රදේශයේ පැවති බවයි වාර්තා වන්නේ.

මෙම සහෝදරයන් දෙදෙනා හිමාචල් ප්‍රදේශ්-උත්තරාඛාන්ද් දේශසීමාවේ පිහිටි සංවෘත ප්‍රජාවක් වන ‘හට්ටි’ නම් ගෝත්‍රයට අයත් තරුණයින් වන අතර, එම ගෝත්‍රයේ මෙවැනි විවාහ සඳහා අවසර ලබා දී තිබෙනවා. හට්ටි ප්‍රජාවේ ප්‍රධාන ආයතනය වන කෙන්ද්‍රියා හට්ටි සමිතියේ ප්‍රධාන ලේකම් කුන්දන් සිං ශාස්ත්‍රි පැවසුවේ, මෙම සම්ප්‍රදාය වසර දහස් ගණනකට පෙර පවුලක කෘෂිකාර්මික භූමිය තවදුරටත් බෙදීමෙන් බේරා ගැනීම සඳහා සොයා ගන්නා ලද්දක් බවයි.

තරුණයින් දෙදෙනා සමඟ විවාහ වූ සුනීතා චෞහාන් පැවසුවේ, තමා මෙම සම්ප්‍රදාය ගැන හොඳින් දන්නා බවත්, කිසිදු පීඩනයකින් තොරව මෙම තීරණය ගත් බවත්, ඔවුන් ඇති කරගත් බැඳීමට තමා ගරු කරන බවත්ය.

විවාහ වූ එක් සහෝදරයෙක් රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරන අතර, ඔහුගේ බාල සහෝදරයා විදේශ රටක රැකියාවේ නියුතු අයෙක් බවද වාර්තා වේ. මෙම විවාහය, ඔවුන්ගේ ගෝත්‍රික සම්ප්‍රදායන් සහ නූතන ජීවන රටාව අතර ඇති සුවිශේෂී සම්බන්ධතාවය ඉස්මතු කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්