අප්‍රේල් 18 වනදා ආරම්භ වන ශ්‍රී දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව විසින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමලය වීදිය) සිට දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වා ගමන් කළ හැකි මාර්ගයක්, රතු බොක්කුව සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) ඔස්සේ දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව දක්වා ඇති පෝලිම් මාර්ගයක් සහ රතු බොක්කුව සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) ඔස්සේ දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව දක්වා ඇති පෝලිම් මාර්ගයක් ලෙස මෙම ප්‍රවේශ මාර්ග 03 හඳුන්වා දී තිබෙනවා.
දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා ආරම්භ වන අතර දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.