සුඩානයේ නායයාමකින් 1000කට වැඩි පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. ඩාෆූර් කලාපයද අයත් මෙම ප්‍රදේශය පාලනය කරන සුඩාන විමුක්ති

මිතුරන් සමග බෙදාගන්න

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඩාෆූර් කලාපයද අයත් මෙම ප්‍රදේශය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව, මෙම ඛේදජනක සිදුවීමෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙක් පමණයි.

අගෝස්තු 31 වනදා මෙම නායයාම සිදුව ඇතත්, ඒ පිළිබඳ නිල වාර්තා අනාවරණය වී ඇත්තේ අද දිනයේයි. මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහාය හිමිව තිබෙනවා.

මෙම ඛේදවාචකය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්