සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් සමුගනී

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (සැප්තැම්බර් 11) විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (සැප්තැම්බර් 11) විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ’ පනත් කෙටුම්පත ඊයේ (සැප්තැම්බර් 10) පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟයි. නව නීතිය හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී තිබූ නිල නිවාස සහ අනෙකුත් වරප්‍රසාද අහෝසි වේ.

ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ 07, විජේරාම මාවතේ නිල නිවසින් පිටත්ව ගොස් සවස 4:00ට පමණ තංගල්ල කාල්ටන් නිවසට පැමිණීමට නියමිතයි. එහිදී හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් උත්සවයක් සංවිධානය කර ඇති බවද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවාස රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. යම් හෙයකින් අදාළ නිවාස භාර නොදුනහොත්, ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්