හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා

මිතුරන් සමග බෙදාගන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, පොලීසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ, 2020 මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අදාළව එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් සිටිනවා.

චෝදනාවට අනුව, එම මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනා එල්ල වී තිබේ.

විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද, උන්වහන්සේ එහි නොසිටි බවත්, දුරකථනයද විසන්ධි කර ඇති බවත් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව, රතන හිමියන් අධිකරණය මග හරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමට අනුව, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 18) මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්