සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද

මිතුරන් සමග බෙදාගන්න

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (අගෝස්තු 22) නොතීසි නිකුත් කළා.

ඔහුගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ලබන මස 26 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේන්ද්‍රන් මහතාට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධිය, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඉතිහාසයේ ආන්දෝලනාත්මකම සිදුවීමක් ලෙස සැලකෙන අතර, අධිකරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්