සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

හීත්‍රෝ වසා දැමීමෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමන්වලට බලපෑම්

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කර තිබෙනවා ඒ අනුව අද පැය

මිතුරන් සමග බෙදාගන්න

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කර තිබෙනවා

ඒ අනුව අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටියේ.

එහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කර සිටියේ බලපෑමට ලක් වූ මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළෙහි ඇති වී තිබෙන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

එමෙන්ම හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්