2025 පළාත් පාලන මැතිවරණය මීට ටික වේලාවකට පෙර අවසන් වුණා.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීම අද (06) උදෑසන 7:00ට ඡන්ද මධ්‍යස්ථාන 13,759ක දී ආරම්භ වී පස්වරු 4:00ට අවසන් වුණා.

මිතුරන් සමග බෙදාගන්න

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීම අද (06) උදෑසන 7:00ට ඡන්ද මධ්‍යස්ථාන 13,759ක දී ආරම්භ වී පස්වරු 4:00ට අවසන් වුණා.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා.

දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළුව අපේක්ෂකයින් 75,589 දෙනෙකු මේ මැතිවරණයට ඉදිරිපත් වුණා.

ඒ අනුව, සභිකයින් 8,287 දෙනෙකු මෙම ඡන්ද විමසීමෙන් තෝරා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

සමස්තයක් ලෙස අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම හොඳ මට්ටමක පැවති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරනවා. කුඩා සිද්ධීන් කිහිපයක් හැරුණු විට ඡන්දය අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් සිද්ධීන් කිසිම ප්‍රදේශයකින් වාර්තා නොවූ බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා.

මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුවන අතර, ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවත් මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්