2025 Miss World කිරුළ දිනා ගැනීමට තායිලන්තය නියෝජනය කළ සුචාතා චුවංග්ශ්‍රී (Suchata Chuangsri) සමත් වී තිබෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති අති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී ඇය මෙම කිරුළ හිමිකර ගත්තාය.
මෙවර Miss World තරගාවලිය සඳහා රටවල් 108කට අධික සංඛ්‍යාවකින් රූ රැජිනියන් සහභාගී වූ අතර, ඔවුන් මහාද්වීප 4කට බෙදා එක් එක් මහාද්වීපයෙන් අවසන් වටයට තරගකාරියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැණුනි.
මෙහිදී, ඉතියෝපියාවේ හසෙට් ඩෙරෙජේ ඇඩ්මාසු (Hasset Dereje Admassu) පළමු අනුශූරතාවය දිනාගත් අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා (Maja Klajda) දෙවන අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අනුදි ගුණසේකර, අවසන් 40 දෙනා අතරට පිවිසීමට අපොහොසත් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. කෙසේ වෙතත්, ඇය Miss World තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් කැපී පෙනෙන දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කළාය.