සිරස්තල
තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (27) සවස වැසි ඉරාන බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ සහන කාලය අප්‍රේල් 06 දක්වා දීර්ඝ කෙරේ ඉරාන නාවික හමුදාපති අලිරේසා තංසීරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ඊශ්‍රායලය පවසයි කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන්

සූර්ය විදුලිය ගබඩා කරන්න යෝද ජල බැටරියක්..

මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ

මිතුරන් සමග බෙදාගන්න

මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයනු ඇත. 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුර්නජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වේ.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5 ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බල ශක්ති ගබඩා කිරීමේ පද්ධතියකි. මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුර්නජනනීය බල ශක්තිය කරා යන පරිවථනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගනී.

මෑතකදී පැවති රැස්වීමකදී, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් වෙත ව්‍යාපෘතියේ මූල්‍ය මාර්ග සිතියම නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය.
පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන වලින් දිගු කාලීන අරමුදල් ලබා ගැනීම ලංකා විදුලි බල මණ්ඩලයේහි අරමුණයි.


මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය මගින් නියෝජනය වන්නේ බල ශක්ති ස්වාධීනත්වය, පුර්නජනනීය බල ශක්තිය අවශෝෂණය කර ගැනීම සඳහා පද්ධති සහාය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ පාරිසරික තිරසාර භාවයයි. ලංකා විදුලිබල මණ්ඩලය සියලු පාර්ශවකරුවන්ට ආරාධනා කරන්නේ ශ්‍රී ලංකාවේ දීප්තිමත් හරිත බල ශක්ති අනාගතයක් කරා යන ගමනට සහයෝගය දක්වන ලෙසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්