සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ක්‍රියාවලිය මැයි 07 වැනිදා

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මීළඟ පාප් පදවිය තෝරා ගැනීමේ නිල ක්‍රියාවලිය, එනම් කොන්ක්ලේව් මැයි 07 වනදා පැවැත්වීමට නියමිත බව

මිතුරන් සමග බෙදාගන්න

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මීළඟ පාප් පදවිය තෝරා ගැනීමේ නිල ක්‍රියාවලිය, එනම් කොන්ක්ලේව් මැයි 07 වනදා පැවැත්වීමට නියමිත බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලත් කාදිනල්වරුන් සංඛ්‍යාව 135ක් වන අතර, ඔවුන් යුරෝපයෙන් 53ක්, ආසියාවෙන් 23ක්, උතුරු ඇමරිකාවෙන් 20ක්, අප්‍රිකාවෙන් 18ක්, දකුණු ඇමරිකාවෙන් 17ක් සහ ඕෂනියාවෙන් 4ක් ලෙස ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරනවා. මෙම ඡන්දයට සහභාගී වන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩු විය යුතුයි.

වතිකානයේ සිස්ටීන් දේවස්ථානය තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම ලෝකයේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීමක් ලෙස සැලකෙන අතර, බාහිර ලෝකයෙන් වෙන්ව එය පැවැත්වීම සඳහා අද (28) සිට සිස්ටීන් දේවස්ථානය වසා දමා තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකා, නව පාප්වරයෙකු තෝරා ගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනු ලබන අතර, 1800 සිට පැවත එන මෙම සම්ප්‍රදායට හේතුව වන්නේ ඡන්දයේ රහස්‍යභාවය සුරැකීම සහ දේශපාලන බලපෑම්වලින් පල්ලිය ආරක්ෂා කර ගැනීමයි.

නව පාප්වරයෙකු තෝරාගත් බව බාහිර ලෝකයට දැනුම් දෙනු ලබන්නේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුවෙන් පිටවන දුමාරයෙනි. ඒ අනුව, සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංකේතවත් කෙරෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්