මැදින් නතර කර තිබූ ඉන්දියන් ප්රිමියර් ලීග් (IPL) ක්රිකට් තරගාවලිය යළිත් මැයි 17 වැනිදා පටන් ගැනීමට සූදානම් කර තිබෙනවා.
ඒ අනුව, තරගාවලියේ ඉතිරි තරග ක්රීඩාංගණ 6කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නැවත ආරම්භ වීමෙන් පසු පළමු තරගය ලෙස මැයි 17 වැනිදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවා.
ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජූනි 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.