සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

කටුපොතේදී බීමත් ‘සිසුසැරිය’ රියදුරෙක් අත්අඩංගුවට

කටුපොත – බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි ‘සිසුසැරිය’ බස් රථයක රියදුරෙකු ඊයේ (19) දහවල් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කටුපොත පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින්

මිතුරන් සමග බෙදාගන්න

කටුපොත – බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි ‘සිසුසැරිය’ බස් රථයක රියදුරෙකු ඊයේ (19) දහවල් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

කටුපොත පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී මෙම රියදුරු බීමතින් සිටියදී හසුවී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බස් රථය තුළ පාසල් සිසුන් 16 දෙනෙකු සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනෙකු ද ගමන් කරමින් සිට ඇත.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් 52 හැවිරිදි රියදුරු කටුපොත, රදලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. ඔහු අද (20) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී. පාසල් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවට මෙම සිද්ධියෙන් අවධාරණය වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්