සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

මහනුවර, හන්තාන කන්ද තරණය කිරීමට ගිය සිසුන් පිරිසක් අතරින් 8 දෙනෙකු අතරමං වී සිටියදී, ආරක්ෂක අංශ විසින් අද (ජූනි 29) අලුයම් කාලයේදී ඔවුන්ව සාර්ථකව මුදාගෙන

මිතුරන් සමග බෙදාගන්න

මහනුවර, හන්තාන කන්ද තරණය කිරීමට ගිය සිසුන් පිරිසක් අතරින් 8 දෙනෙකු අතරමං වී සිටියදී, ආරක්ෂක අංශ විසින් අද (ජූනි 29) අලුයම් කාලයේදී ඔවුන්ව සාර්ථකව මුදාගෙන තිබෙනවා.

ඊයේ (ජූනි 28) හන්තාන කන්ද තරණය කළ මෙම සිසුන් පිරිස යළි කන්දෙන් බසින අවස්ථාවේදී හදිසියේ වර්ෂාව පතිත වී ඇත. එම අවස්ථාවේදී කණ්ඩායමේ සිටි සිසුන් 8 දෙනෙකුට මාර්ගය වැරදී කන්දේ අතරමං වී ඇති බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමේ සිටි අනෙකුත් සිසුන් විසින් අතරමං වූ සිසුන්ගේ මව්පියන්ට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, පසුව එම මව්පියන් සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා දැනුවත් කර තිබෙනවා. මන්ත්‍රීවරයා වහාම ක්‍රියාත්මක වී අදාළ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

පසුව, තලාතුඔය පොලීසියේ නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් එක්ව ඊයේ (ජූනි 28) රාත්‍රියේම හන්තාන කන්දේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙම මෙහෙයුම්වල දී අද අලුයම 2:00ට පමණ මෙම සිසුන් පිරිස සිටින ස්ථානය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර, අලුයම 4:00ට පමණ ඔවුන්ව ආරක්ෂිතව කන්දෙන් පහළට රැගෙන ඒමට හැකි වී ඇත.

මුදාගත් සිසුන් 8 දෙනා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමට පසුව කටයුතු කර ඇත. මෙලෙස හන්තාන කන්දේ අතරමංව ඇත්තේ තලාතුඔය, රටේමුල්ලේ ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්