සිරස්තල
චීනයේදී හසිත අබේසේකරට රන් පදක්කම් 4ක්! ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට

රනිල් වික්‍රමසිංහගේ හදිසි නීති රෙගුලාසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 ජුනි 17 වන දින එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලකරුවන් පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි තුළින් මූලික

මිතුරන් සමග බෙදාගන්න

2022 ජුනි 17 වන දින එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලකරුවන් පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 23) තීන්දු කළා.

ඒ අනුව, වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බලශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර තිබෙනවා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම, පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසටද රජයට නියම කෙරුණු බව වාර්තා වේ.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ්‍රී ලංකාවේ නීති පාලනයට සහ මානව හිමිකම් ආරක්ෂාවට වැදගත් බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්