සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකිණීම සම්බන්ධයෙන් සැකපිට තණමල්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ රසයන්ගෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් අලෙවි කිරීම

මිතුරන් සමග බෙදාගන්න

පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකිණීම සම්බන්ධයෙන් සැකපිට තණමල්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ රසයන්ගෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් අලෙවි කිරීම සඳහා පාසල් සිසුවෙකුට ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරිකයා විසින් එක් දුම්වැටියක් රුපියල් 100කට සිසුවාට ලබා දී ඇති අතර, සිසුවා එය පාසලේදී රුපියල් 200කට විකුණා තිබෙනවා. මෙම සිද්ධිය පාසලේම තවත් සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට දැනුම්දීමෙන් පසු දුම්වැටි අලෙවි කළ සිසුවා පරීක්ෂා කර තිබෙනවා. එහිදී, සිසුවා සන්තකයේ තිබී විදේශීය දුම්වැටි දෙකක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට දැනුම්දීමෙන් පසු අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා තිබෙනවා. එහිදී සැකකරු සන්තකයේ තිබී දුම්වැටි 690ක් සහ දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිදුවීම පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සමාජය තුළ නැවත වරක් කතාබහක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්