ජායිපූර් රෝහල් ගින්නකින් අටක් මරුට

ඉන්දියාවේ ජායිපූර් නගරයේ පිහිටි රෝහලක හටගත් හදිසි ගින්නකින් රෝගීන් අට දෙනෙකුට ජීවිත අහිමි වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ අදාළ

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවේ ජායිපූර් නගරයේ පිහිටි රෝහලක හටගත් හදිසි ගින්නකින් රෝගීන් අට දෙනෙකුට ජීවිත අහිමි වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ අදාළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් බවයි.

රෝහලේ ගබඩා අංශයේ මෙම ගින්න මුලින්ම හටගෙන ඇත. මූලික පරීක්ෂණවලට අනුව, ගින්නට හේතුව වී ඇත්තේ විදුලි පරිපථයක සිදුවූ කාන්දුවක් බව වාර්තා වේ.

ගින්න හටගත් වහාම රෝහල් කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වූ නමුත්, දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගීන්ට දිවි බේරා ගැනීමට නොහැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්