සිරස්තල
පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි බ්‍රිතාන්‍ය හිටපු තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේදී අත්අඩංගුවට ආසියාවේ හොඳම වෙරළ 10 අතරට ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට තේරී පත් වෙයි බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ අවදානමක රේගු නිලධාරීන්ගෙන් කළු පටි විරෝධයක් වසර දෙකක් සැඟව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයා ගුවන් තොටුපොළේදී කොටු වෙයි ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 3ක් වෙළෙඳපොළට පුත්තලමේ 75 හැවිරිදි රියදුරු ඝාතනය කර රථය පැහැරගත් 16 හැවිරිදි සැකකරු කොටු වෙයි ග්‍රෑන්ඩ්පාස්හිදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

රේගු නිලධාරීන්ගෙන් කළු පටි විරෝධයක්

වසර 06ක් තිස්සේ ප්‍රමාද වී ඇති උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (24) සිට කළු පටි පැලඳ සේවයට වාර්තා කිරීමට රේගු වෘත්තීය සමිති

මිතුරන් සමග බෙදාගන්න

වසර 06ක් තිස්සේ ප්‍රමාද වී ඇති උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (24) සිට කළු පටි පැලඳ සේවයට වාර්තා කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, මෙතෙක් කිසිදු නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව එම සන්ධානය පවසයි.

දිවයින පුරා පිහිටි සියලුම රේගු කාර්යාලවල නිලධාරීන් අද දිනයේ සිට කළු පටි පැලඳ රාජකාරි කරමින් සිය විරෝධය පළ කරන අතර, පවතින සේවා අර්බුද සඳහා කඩිනම් විසඳුම් අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති. කෙසේ වෙතත්, මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන 26 වනදා මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු බලධාරීන් සමඟ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

එම තීරණාත්මක සාකච්ඡාවෙන් ලැබෙන ප්‍රතිඵල මත පදනම්ව, ලබන සිකුරාදා දින රේගු වෘත්තීය සමිති නියෝජිතයින් යළි රැස්වී සිය සටන තවදුරටත් දැඩි කරන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීන්දුව ගැනීමට නියමිතය. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලට ඉදිරියේදී බලපෑමක් එල්ල වීමේ හැකියාවක් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්