සිරස්තල
හල්දුම්මුල්ල රක්ෂිතයේ මහා පරිමාණ ගංජා වැටලීමක් වසර දෙකක රියදුරු බලපත්‍ර පමාව අවසන් පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි බ්‍රිතාන්‍ය හිටපු තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේදී අත්අඩංගුවට ආසියාවේ හොඳම වෙරළ 10 අතරට ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට තේරී පත් වෙයි බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ අවදානමක රේගු නිලධාරීන්ගෙන් කළු පටි විරෝධයක් වසර දෙකක් සැඟව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයා ගුවන් තොටුපොළේදී කොටු වෙයි ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 3ක් වෙළෙඳපොළට

හල්දුම්මුල්ල රක්ෂිතයේ මහා පරිමාණ ගංජා වැටලීමක්

හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස රක්ෂිත ප්‍රදේශය තුළ සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් වටලා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් අත්අඩංගුවට

මිතුරන් සමග බෙදාගන්න

හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස රක්ෂිත ප්‍රදේශය තුළ සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් වටලා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමත් වී තිබේ.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ඊයේ (23) මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙම විශේෂ වැටලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ හල්දුම්මුල්ල පොලිසිය, බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් එක්ව කටයුතු කර තිබේ.

රක්ෂිතය තුළ ඉතා රහසිගතව ගෝනිවල අසුරා විකිණීම සඳහා සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 140ක ප්‍රමාණයක් මෙහිදී සොයාගත් බව ආරක්ෂක අංශ තහවුරු කරයි.

පොලිස් ඇස්තමේන්තුවලට අනුව අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 1.5කට ආසන්න වේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සහ මෙම ජාවාරමේ ජාලය අනාවරණය කර ගැනීම සඳහා හල්දුම්මුල්ල පොලිස් ස්ථානය මගින් මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්