තල්පේ මුහුදේ ගසාගෙන ගිය 17 හැවිරිදි තරුණයාගේ සිරුර වෙරළට ගොඩගසයි

හබරාදුව, තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 17 හැවිරිදි තරුණයාගේ මෘත ශරීරය අද (02) පෙරවරුවේ හබරාදූව මුහුදු වෙරළට

මිතුරන් සමග බෙදාගන්න

හබරාදුව, තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 17 හැවිරිදි තරුණයාගේ මෘත ශරීරය අද (02) පෙරවරුවේ හබරාදූව මුහුදු වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.

පසුගිය මැයි 31 වනදා තල්පේ මුහුදු තීරයේ පුද්ගලයන් සිව්දෙනෙකු දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි. එහිදී රළ පහරට හසුවූ තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් වහා ක්‍රියාත්මක වී බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර, මෙම තරුණයා පමණක් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටියේය.

සොයාගත් මෘත ශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්