ලුණුගම්වෙහෙර, උනාතුවැව 170 කනුව ආසන්නයේදී අද (11) පස්වරුවේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අධිවේගී මාර්ගය හරහා කොළඹ සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ බදුල්ලේ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි. සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.