නුවරඑළිය සභාපතිගේ ව්‍යාජ අත්සනින් සේවකයන් 11කට වැටුප් ගෙවලා

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි කාලය තුළ, සිය අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ප්‍රාදේශීය සභා සේවකයන් 11

මිතුරන් සමග බෙදාගන්න

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි කාලය තුළ, සිය අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ප්‍රාදේශීය සභා සේවකයන් 11 දෙනෙකුට රුපියල් 625,000කට ආසන්න මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයි නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ් මහතා චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ සිය අත්සන වංචනික ලෙස යොදා සිදුකර ඇති මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අද (02) උදෑසන ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ, ව්‍යාජ අත්සන් යොදා වැටුප් ලබාදීමට අමතරව සිය අත්සන හොරට යොදාගනිමින් වෙනත් කූඨ ලේඛන පවා සකස් කර ඇති බවට තමන් සැක කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්