සිරස්තල
හෙට පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අතිරේක බද්දක් දිල්ලි නුවර හෝටල් ගින්නකින් විදේශිකයන් ඇතුළු 21 දෙනෙක් ජීවිතක්ෂයට ශ්‍රී ලංකා පිල අද පළමු එක්දින සටනට ‘සුවසැරිය’ ගිලන් රථ සේවකයින් අද රාත්‍රී 8 සිට සේවයෙන් ඉවට. ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ගුවන්තොටුපළට දැඩි හානි හිටපු ජනාධිපති ගෝඨාභය ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් කළුතර වෙඩිතැබීමේ වෙඩික්කරු මාලිගාවත්තෙන් කොටු වෙයි කොච්චිකඩේදී ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි හොරකම් කරන්න ගිය අයෙකු විදුලි සැර වැදී ඇදවැටී මියයයි ශ්‍රී ලංකා සිංහධෙනුවෝ විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් අද රාත්‍රියේ එංගලන්තයට

කොච්චිකඩේදී ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි හොරකම් කරන්න ගිය අයෙකු විදුලි සැර වැදී ඇදවැටී මියයයි

කොච්චිකඩේ නගර සභා ක්‍රීඩාංගණය ආසන්නයේ සවිකර ඇති අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක (Transformer) තිබූ තඹ කම්බි සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු, ඉන් බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමේ

මිතුරන් සමග බෙදාගන්න

කොච්චිකඩේ නගර සභා ක්‍රීඩාංගණය ආසන්නයේ සවිකර ඇති අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක (Transformer) තිබූ තඹ කම්බි සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු, ඉන් බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ.

කොච්චිකඩේ පොලිසිය සැක කරන්නේ අද (03) අලුයම 5.00ට පමණ මෙම සිදුවීම වන්නට ඇති බවයි. කම්බි කැපීමට උත්සාහ කිරීමේදී සිදු වූ විදුලි සැර වැදීමක් (Electrocution) හේතුවෙන් මොහු මෙලෙස ඉහළින් බිමට ඇදවැටෙන්නට ඇති බවට මූලිකව විශ්වාස කෙරේ.

මෙලෙස අනතුරින් මියගිය පුද්ගලයා සන්තකයේ කිසිදු නිල ලේඛනයක් නොතිබීම හේතුවෙන් ඔහුගේ අනන්‍යතාවය හෝ පදිංචි ස්ථානය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නොමැත. මියයන විට ඔහු වයස අවුරුදු 30ත් 45ත් අතර පසුවන්නෙකු විය හැකි බවට සැක කෙරේ.

සිද්ධිය සැලවූ වහාම කොච්චිකඩේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇත.

ට්‍රාන්ස්ෆෝමරයට සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද කැඳවා ඇති අතර, මියගිය පුද්ගලයා කවුදැයි හඳුනාගැනීම සහ සොරකම පිටුපස තවත් පිරිසක් සිටීද යන්න සෙවීම සඳහා කොච්චිකඩේ පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්