ගොඩකවෙල, මාකදුර බස්නකන්ද ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් හයක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ, ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කඳු මුදුනේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් කිහිපයක් මුලින් උදුරා පෙරළී ඇති බවයි. මේ හේතුවෙන් කන්දෙන් ගල් පෙරළී යාමේ බරපතළ අවදානමක් ද මතුව තිබේ.
අනතුරට මුහුණ පෑමට ඉඩ තිබූ නිවාස හයක පිරිස මෙලෙස ඉවත් කර ඇති අතර, අදාළ ප්‍රදේශය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ලබා දෙන පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බව ප්‍රාදේශීය ලේකගොඩකවෙල, මාකදුර බස්නකන්ද ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් හයක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ, ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කඳු මුදුනේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් කිහිපයක් මුලින් උදුරා පෙරළී ඇති බවයි. මේ හේතුවෙන් කන්දෙන් ගල් පෙරළී යාමේ බරපතළ අවදානමක් ද මතුව තිබේ.
අනතුරට මුහුණ පෑමට ඉඩ තිබූ නිවාස හයක පිරිස මෙලෙස ඉවත් කර ඇති අතර, අදාළ ප්‍රදේශය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ලබා දෙන පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.ම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.