AliExpress වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. මේ වන විට සිදු කර ඇත්තේ ගාස්තු වැඩි කිරීමක් නොව, භාණ්ඩ සඳහා නිවැරදි ගාස්තුව අය කිරීමක් බවයි ඔහු BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.
මීට පෙර පැවති ක්‍රමය අනුව බදු අය කිරීමක් සිදු කළද, භාණ්ඩවල වටිනාකම අනුව නිවැරදිව බදු අය කිරීමක් සිදු නොකළ බවත්, එය වැරදි ආකාරයට භාවිතා වන බවට පෙනී යාම හේතුවෙන් මෙම පියවර ගත් බවත් අරුක්ගොඩ මහතා පැහැදිලි කළා.
නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කර, මාස එකහමාරකට පෙර දැනුම් දීමෙන් අනතුරුව භාණ්ඩ සඳහා ගෙවන නව ක්‍රමවේදය හඳුන්වා දුන් බව ඔහු සඳහන් කළා. ඒ අනුව, ගෙන්වන භාණ්ඩවලට නිවැරදි බද්ද ගෙවා භාණ්ඩ රැගෙන යා හැකි බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කරනවාද? මෙම වෙනස්කම් ඔබට බලපාන්නේ කෙසේද?