සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක්

මේ දිනවල ලොව පුරා අතිශයින් ජනප්‍රිය වී ඇති BYD විද්‍යුත් වාහන (EV) සම්බන්ධයෙන් විශේෂ පුවතක් වාර්තා වේ. චීනය සහ පාකිස්තානය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්

මිතුරන් සමග බෙදාගන්න

මේ දිනවල ලොව පුරා අතිශයින් ජනප්‍රිය වී ඇති BYD විද්‍යුත් වාහන (EV) සම්බන්ධයෙන් විශේෂ පුවතක් වාර්තා වේ. චීනය සහ පාකිස්තානය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන BYD සමාගම ලබන වසරේදී පාකිස්තානයේ නව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව හරහා විද්‍යුත් වාහන මෙන්ම හයිබ්‍රිඩ් වාහනද එකලස් කිරීමට අපේක්ෂා කරන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මෙම නව කර්මාන්ත ශාලාව කරච්චි අසල ඉදිකරමින් පවතින අතර, BYD හි පාකිස්තාන මෙගා මෝටර් සමාගම සමඟ එක්ව සිදුකරන හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ.

ලෝකයේ විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා ලෙස සැලකෙන BYD, මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව මගින් වසරකට වාහන 25,000ක් නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. මෙය ද්විත්ව මුර ක්‍රමයට (double-shift basis) ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.

BYD සමාගම 2024 අගෝස්තු මාසයේදී පාකිස්තාන වෙළඳපොළට පිවිසි අතර, 2025 මාර්තු මාසයේ සිට ආනයනික EV වාහන බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. පාකිස්තාන රජය විද්‍යුත් වාහන භාවිතය දිරිගැන්වීම සඳහා බදු සහන සහ අඩු විදුලි ගාස්තු වැනි දිරිගැන්වීම් ලබාදෙයි. මෙය BYD සමාගමට පාකිස්තාන වෙළඳපොළ තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමට කදිම අවස්ථාවක් සපයයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්