Forbes සඟරාවේ වයස අවුරුදු 30ට අඩු දක්ෂයින් 30 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

ප්‍රසිද්ධ Forbes සඟරාව මෑතකදී එළිදැක්වූ ආසියාවේ වයස අවුරුදු 30ට අඩු දක්ෂයින් 30 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික තරු දෙකක් ඇතුළත්වීම සුවිශේෂී සිදුවීමක්. ඒ ‘Wild Cookbook’ නමින්

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රසිද්ධ Forbes සඟරාව මෑතකදී එළිදැක්වූ ආසියාවේ වයස අවුරුදු 30ට අඩු දක්ෂයින් 30 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික තරු දෙකක් ඇතුළත්වීම සුවිශේෂී සිදුවීමක්. ඒ ‘Wild Cookbook’ නමින් ලොව පුරා රසිකයින් අතර ජනප්‍රිය යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන සූපවේදී චරිත් එන්. සිල්වා සහ Silver Aisle නම් සාර්ථක ව්‍යාපාරයේ නිර්මාතෘ තරුණ ව්‍යවසායිකාව යානිකා අමරසේකරයි.

චරිත් එන්. සිල්වාගේ ‘Wild Cookbook’ යූටියුබ් නාලිකාව මාර්තු 28 වන දින මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් පසුකරමින්, එම සීමාව ඉක්මවූ පළමු ශ්‍රී ලාංකික නාලිකාව බවට පත්වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button සම්මානය දිනාගැනීමටත් ඔහුට හැකිවුණා. 2020 දී ආරම්භ කළ මෙම නාලිකාව මේ වන විට වීඩියෝ 600කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් බිලියන 4කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා තිබෙනවා. චරිත්ගේ විශේෂ ඉවුම් පිහුම් ක්‍රම සහ ඔහු එය ඉදිරිපත් කරන විලාසය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක්.

අනෙක් අතට, යානිකා අමරසේකර 2025 වසරේ Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවේ Retail & Ecommerce කාණ්ඩය යටතේ නම් කර තිබෙන්නේ ඇය විවාහ උත්සව සඳහා තෑගි ලැයිස්තුගත කිරීමේ ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය වීම නිසයි. 2019 දී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට විවිධ සේවා සපයන පුළුල් ව්‍යාපාරයක් බවට වර්ධනය වී ඇති අතර, විවිධ අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන හා නිවාඩු පැකේජ මෙන්ම අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම වැනි අංශයන්ද ඊට ඇතුළත්.

යානිකා අධ්‍යාපනයේද විශිෂ්ටයෙක්. ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක්, දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්