Miss Teen Tourism ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් අංජානා හීනටිගල මෙනවිය, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරගාවලියට සහභාගී වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.
ලෝකයේ රටවල් 40 ක තරගකාරියන් සහභාගී වන මෙම තරගාවලියේ අවසාන මහා තරගය, එළඹෙන අගෝස්තු මස 08 වැනි දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිතයි.
අංජානා හීනටිගල මෙනවිය එයාර් ඒෂියා ගුවන් සේවයේ AK-046 දරන ගුවන් යානයෙන් තායිලන්තය හරහා පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියා. ඇයගේ ජාතික පුහුණුකරු මෙන්ම මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතා ද ඇයට සුබ පැතීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.