Starlink අන්තර්ජාල සේවාව ලබන සතියේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසනවා.
TRCSL හි අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ, Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇති අතර, මෙම සතියේදී ඔවුන්ට අවශ්‍ය උපකරණ දැනටමත් බෙදා හැර ඇති බවයි.
එසේම, මේ වන විට උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර තිබෙනවා. සේවා ගුණාත්මකභාවය සහ ජාතික ආරක්ෂක අනුකූලතාව සහතික කිරීම සඳහා TRCSL සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක කාලයක් තුළ මෙහෙයුම් නිරීක්ෂණය කරනු ඇත. එම කාලසීමාවෙන් පසු Starlink නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සඳහා වන Residential පැකේජයේ මිල මසකට රුපියල් 15,000ක් වන අතර, අවශ්‍ය උපකරණ සඳහා රුපියල් 118,000ක මුදලක් දැරීමට සිදුවනවා. මෙම පැකේජය සඳහා අසීමිත දත්ත (Unlimited Data) පහසුකම හිමිවීම විශේෂත්වයකි.
මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශය සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.