සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

අගමැතිනියට සහ විපක්ෂ නායකට මරණ තර්ජන

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (මැයි 20)

මිතුරන් සමග බෙදාගන්න

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (මැයි 20) වැදගත් පැහැදිලි කිරීමක් සිදු කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට මරණ තර්ජන ඇතුළත් ඊමේල් ලිපියක් අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇති බවයි. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු විසින් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

මෙම ඊමේල් ලිපිය සම්බන්ධයෙන් Google ආයතනයෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. ලැබී ඇති තොරතුරු අනුව, එම තර්ජනාත්මක ඊමේල් ලිපියේ IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබෙනවා. අදාළ වාර්තාව ලැබුණු විගස අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. ඔහු පැවසුවේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවයි. එම පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ පාතාල නායකයෙකු වන ‘ලොකු පැටී’ ගේ සහචරයෙකු විපක්ෂ නායකවරයා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, අදාළ තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. එම පැමිණිල්ල සිදුකළ ජංගම දුරකථන අංකය පිළිබඳවද පරීක්ෂණයක් පවත්වා ඇති අතර, පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්