සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

අහමදාබාද් නුවර ගුවන් අනතුරින් කිසිවෙකු දිවි ගලවාගෙන නැහැ

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවරදී අද (ජූනි 12) සිදුවූ දරුණු ගුවන් අනතුරෙන් කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ලන්ඩන් බලා පියාසර කරමින්

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවරදී අද (ජූනි 12) සිදුවූ දරුණු ගුවන් අනතුරෙන් කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්ඩියා ගුවන් සමාගමට අයත් මෙම යානය (AI 171) තුළ අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 242 දෙනෙකු සිටි බව france24.com වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මීට පෙර ඉන්දීය මාධ්‍ය 171 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා කර තිබුණද, ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පැවසුවේ ජීවතුන් අතර කිසිදු අයෙකු සිටින ආකාරයක් දැකිය නොහැකි බවත්, සියලු දෙනාම දරුණු පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බවත්ය.

ගුවන් යානයේ සිටි මගීන් අතර ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්ඩියා ගුවන් සේවය තහවුරු කළා.

මෙම බිහිසුණු ගුවන් අනතුර සිදුවූයේ ගුජරාට් හි පිහිටි සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයක් (BJ Medical College hostel) මතට කඩා වැටීමෙනි. එම අනතුරෙන් නේවාසිකාගාරයේ සිටි වෛද්‍ය සිසුන් පස්දෙනෙකු ද මියගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙය සිදුවී ඇත්තේ සිසුන් දිවා ආහාරය ගනිමින් සිටි අවස්ථාවක බවටද වාර්තා පළවී තිබෙනවා.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ දෙනා තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. අනතුරට හේතුව පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්