සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

ඉන්දු – පාකිස්තාන ගැටුම ඩිජිටල් අවකාශය හොල්ලයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) තරග ඉතිහාසයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ පන්දුවාර 20 තරගය ලෙස පසුගියදා පැවැති ඉන්දු – පාකිස්තාන තරගය වාර්තා අතරට එක්ව

මිතුරන් සමග බෙදාගන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) තරග ඉතිහාසයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ පන්දුවාර 20 තරගය ලෙස පසුගියදා පැවැති ඉන්දු – පාකිස්තාන තරගය වාර්තා අතරට එක්ව තිබේ.

මෙවර ලෝක කුසලානයේ නිල විකාශන සහ ඩිජිටල් හවුල්කරු වන JioStar ආයතනය නිවේදනය කරන පරිදි, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම සුවිශේෂී තරගය ඩිජිටල් අවකාශය ඔස්සේ නැරඹූ සංඛ්‍යාව මිලියන 163කි.

මෙම නව වාර්තාවත් සමඟ 2024 විස්සයි-20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තීරණාත්මක අවසන් මහා තරගය තැබූ ප්‍රේක්ෂක වාර්තාව ද අභිබවා යාමට මෙම තරගය සමත් වී ඇත.

පසුගිය පන්දුවාර 20 ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්තාන තරගයට වඩා මෙවර ප්‍රේක්ෂක අවධානය 56%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන උණුසුම ක්‍රිකට් පිටියට ද කාන්දු වීම මෙම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයට ප්‍රධාන හේතුව වී තිබේ. විශේෂයෙන්ම,

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටලු. ආරම්භයේදී ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීම පාකිස්තානය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ දැඩි කතාබහ.

මෙම වාර්තාගත ප්‍රේක්ෂක ප්‍රතිචාරය හරහා තහවුරු වන්නේ ලෝක ක්‍රිකට් පිටියේ “මහා සටන” ලෙස ඉන්දු – පාකිස්තාන ගැටුම තවමත් නොසැලෙන ස්ථානයක පවතින බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්