සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

කොළඹ ඉඩම් මිල තවදුරටත් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල දර්ශකය අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල දර්ශකය අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගය අවසන් වන විට කොළඹ ඉඩම් මිල සමස්තයක් ලෙස සියයට 10.6ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබේ.

මෙම මිල ඉහළ යෑම නේවාසික, වාණිජ සහ කාර්මික යන අංශ තුනෙහිම පැහැදිලිව දක්නට ලැබීම විශේෂත්වයකි. එහිදී නේවාසික ඉඩම් මිල සියයට 12.4කින් ද, වාණිජ ඉඩම් මිල සියයට 11.3කින් ද ඉහළ ගොස් ඇති අතර, කාර්මික ඉඩම් මිල සියයට 8.0ක වාර්ෂික වර්ධනයක් සටහන් කර ඇත.

කෙසේ වෙතත්, 2025 වසරේ පළමු මාස හයට සාපේක්ෂව දෙවන මාස හය තුළ ඉඩම් මිල ඉහළ යෑමේ වේගය මධ්‍යස්ථ මට්ටමක පැවති බව නිරීක්ෂණය වේ. එම අර්ධ වාර්ෂික කාලසීමාව තුළදී වුවද නේවාසික සහ වාණිජ යන අංශවල මිල වර්ධනය අනෙක් අංශවලට වඩා කැපී පෙනෙන මට්ටමක පවතින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්