සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

ග්‍රෑන්ඩ්පාස්හිදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

ග්‍රෑන්ඩ්පාස්, මාතුරගේ මාවත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් (ICE) මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. පොලිස් භාරයට ගත්

මිතුරන් සමග බෙදාගන්න

ග්‍රෑන්ඩ්පාස්, මාතුරගේ මාවත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් (ICE) මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර ග්‍රෑම් 510යි මිලිග්‍රෑම් 440ක් ලෙස වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සැකකරු මෙතරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ජාවාරම් කිරීම සඳහා රැගෙන ආවේද සහ මෙහි ප්‍රධාන මෙහෙයවන්නන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්