සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රධාන තනතුරකින් එලොන් මස්ක් සමුගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ “කාර්යක්ෂම දෙපාර්තමේන්තුවේ” ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ඇමරිකානු රජයේ තනතුරෙන් නිල වශයෙන් ඉවත්වීම ඊයේ (මැයි 30) නිවේදනය කළේය.

මිතුරන් සමග බෙදාගන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ “කාර්යක්ෂම දෙපාර්තමේන්තුවේ” ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ඇමරිකානු රජයේ තනතුරෙන් නිල වශයෙන් ඉවත්වීම ඊයේ (මැයි 30) නිවේදනය කළේය.

ධවල මන්දිරයේ පැවති මෙම අවස්ථාවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී විය.

මෙහිදී එලොන් මස්ක්ගේ සේවය අගයමින් ජනාධිපති ට්‍රම්ප් විසින් ඔහුට ධවල මන්දිරයේ රන් ආලේපිත යතුරක් ත්‍යාගයක් ලෙස පිරිනැමීම විශේෂත්වයකි. මෙම යතුර පිරිනැමීමෙන් ජනාධිපති ට්‍රම්ප් අදහස් කළේ ඕනෑම අවස්ථාවක ධවල මන්දිරයට පැමිණීමට මස්ක්ට අවස්ථාව හිමිවන බවයි.

රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානතම ධන පරිත්‍යාගශීලියෙකු ලෙස ප්‍රකට එලොන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 250 ක මුදලක් වැය කර තිබුණි.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්