සිරස්තල
මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක් රුසියාවෙන් පිළිකා එන්නතක්: භාවිතයට සූදානම් බවට නිල ප්‍රකාශයක් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරඟය අදයි

බොරලැස්ගමුවේ බෝම්බ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් ප්‍රශ්න කෙරේ

2008 වසරේ බොරලැස්ගමුවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ මහාධිකරණය හමුවේ

මිතුරන් සමග බෙදාගන්න

2008 වසරේ බොරලැස්ගමුවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නේය.

එම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතනය කිරීමේ අරමුණින් 2008 ඔක්තෝබර් 10 වැනිදාය. මෙම ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.

මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණියේය. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස ඔහුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්