සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

මගී ප්‍රවාහන ගුවන් යානයක හදිසි ගින්නක් (Video)

ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝ ගුවන් තොටුපළේදී ගුවන්ගත වීමට සූදානම්ව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ මගීන්

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝ ගුවන් තොටුපළේදී ගුවන්ගත වීමට සූදානම්ව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ මගීන් 300ක් පමණ සිටියහ.

ඩෙල්ටා ගුවන් සමාගමට අයත් එයාර්බස් A330 වර්ගයේ 1213 දරණ යානයේ දකුණු එන්ජිමේ මෙම ගින්න හටගෙන තිබේ. කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ බලධාරීන් සියලු මගීන් වහාම යානයෙන් පිටතට ගෙන ඇති අතර, කිසිදු මගියෙකුට අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්