සිරස්තල
අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට මාරක ප්‍රහාරයක් නේටෝවෙන් ඉවත් වීමේ සූදානමක්? ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී හමුව උණුසුම් වෙයි

රජයේ ඉඩම් සන්තක කරගැනීමට කූට ලේඛන සකස් කළැයි මර්වින් සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමක් අත්පත් කරගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු

මිතුරන් සමග බෙදාගන්න

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමක් අත්පත් කරගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අද (27) ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා භාර දෙනු ලැබීය. ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණි.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විනිසුරුවරිය විසින් සියලුම විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවූ අතර, ඔවුන්ගේ ගමන් බලපත්‍ර වහාම අධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කළාය. මීට අමතරව, එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අමතර ශරීර ඇපයක් ද නියම කරමින් විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කර තිබේ.

මෙලෙස අධිචෝදනා ලැබූ පිරිස අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීරට අමතරව, නවීන් වීරකෝන්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ හෙවත් ‘සිංගප්පූරු සරත්’ යන පුද්ගලයෝ වෙති.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නෙවිල් අබේරත්න, නලින් දිසානායක සහ අනිල් ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබීය. කූට ලේඛන සකස් කර රජයේ දේපළ අවභාවිත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම චෝදනා මත නඩුව ඉදිරි දිනයකදී යළි විභාගයට ගැනීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්