සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

රනිල් වික්‍රමසිංහගේ හදිසි නීති රෙගුලාසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 ජුනි 17 වන දින එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලකරුවන් පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි තුළින් මූලික

මිතුරන් සමග බෙදාගන්න

2022 ජුනි 17 වන දින එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලකරුවන් පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 23) තීන්දු කළා.

ඒ අනුව, වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බලශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර තිබෙනවා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම, පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසටද රජයට නියම කෙරුණු බව වාර්තා වේ.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ්‍රී ලංකාවේ නීති පාලනයට සහ මානව හිමිකම් ආරක්ෂාවට වැදගත් බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්