සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ පිළිබඳව රජය විසින් නිවේදනයක්

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් වර්ග සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

මිතුරන් සමග බෙදාගන්න

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් වර්ග සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම් දෙයි.

මෙම නව බදු සහනය අප්‍රේල් 11 වන දින සිට ක්‍රියාත්මක වන අතර, නිෂ්පාදිත දියර කිරි සහ යෝගට්වල අවම වශයෙන් 50% ක් නැවුම් කිරි අඩංගු විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම වෙනස සිදු වන්නේ, එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුවය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අප්‍රේල් 11 වන දින මෙම පනතට අනුමැතිය ලබා දුන් අතර, එදින සිට එය බලාත්මක වේ. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු සම්බන්ධව සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

දියර කිරි සහ යෝගට් වලට අමතරව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලි උත්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇත.

එසේම, නව එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ විදේශීය පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්දක් අය කිරීමට ද රජය තීරණය කර ඇත. මෙම නව බදු ක්‍රමය ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක වන අතර, විදේශීය සමාගම් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන් සඳහා වැට් බද්ද අදාළ වේ.

වාණිජ කටයුතු සඳහා භාණ්ඩ ආනයනය හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ ලියාපදිංචි වීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්