මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට තීරණය කර තිබේ.
වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටු රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත. මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී ගනු ලැබූ ප්‍රධාන තීරණ කිහිපයක් පහතින් දැක්වේ:
-
දන්සල් සඳහා පූර්ව අනුමැතිය: පූර්ව දැනුම්දීමකින් සහ ලියාපදිංචියකින් තොරව මෙවර කිසිදු දන්සලක් පැවැත්වීමට අවසර නොදීමට කමිටුව තීරණය කර ඇත.
-
බැතිමතුන්ගෙන් ඉල්ලීමක්: පූජා නගරයට පැමිණෙන ජනතාව පරිසරයට හානි නොකර, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් තොරව පරිසර හිතකාමී ලෙස කටයුතු කළ යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා අවධාරණය කළේය.