සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට ඩොලර් බිලියනයක වන්දි ගෙවන්නැයි සමාගමට නියෝග

ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් මෙරට රජයට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් මෙරට රජයට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට අද (ජූලි 24) නියම කළා. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, අදාළ ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නාලක ගොඩහේවා මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කරමිනුයි.

තීන්දුව නිකුත් කළ අද සිට වසරක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති අතර, වන්දි මුදලට අදාළ වාරික මුදලක් 2025 සැප්තැම්බර් 23 වනදා වන විට ගෙවිය යුතු බවට ද නියෝග කර තිබෙනවා.

අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් හමුවේ මෙම ඓතිහාසික නියෝගය ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධීවර ප්‍රජාව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කරමිනුයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය සහ ධීවර ප්‍රජාවට වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ:

  • පරිසර අමාත්‍යවරයා
  • ධීවර අමාත්‍යවරයා
  • වරාය අමාත්‍යවරයා
  • වරාය අධිකාරියේ සභාපතිවරයා
  • පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා
  • එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම
  • සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය
  • මධ්‍යම පරිසර අධිකාරිය
  • නීතිපතිවරයා ඇතුළු තවත් 12 දෙනෙකුයි.

මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණය සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වැදගත් පූර්වාදර්ශයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්