එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව, ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ඔරකල්’ හි සම-නිර්මාතෘවරයා වන ලැරී එලිසන් මහතා මේ වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ඔහු

මිතුරන් සමග බෙදාගන්න

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව, ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ඔරකල්’ හි සම-නිර්මාතෘවරයා වන ලැරී එලිසන් මහතා මේ වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ඔහු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මීට පෙර එම දර්ශකයේ පෙරමුණ ගෙන සිටි එලොන් මස්ක්ගේ ඩොලර් බිලියන 385ක ධනය අභිබවා යමින්, ඩොලර් බිලියන 393ක ධනයක් හිමිකර ගැනීමෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔරකල් සමාගමේ කොටස් සියයට 40කට වඩා ඉහළ යාම හේතුවෙන් ඔහුගේ ධනය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි. තාක්ෂණික සමාගම්වල දියුණුව ලෝක ආර්ථිකයට බලපාන ආකාරය මෙම සිදුවීමෙන් නැවත වරක් පෙන්නුම් කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්