සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි

ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමේදී අමෙරිකානු ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ විශේෂ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්ව තිබේ. කොංග්‍රස් මණ්ඩලයේ පූර්ව

මිතුරන් සමග බෙදාගන්න

ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමේදී අමෙරිකානු ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ විශේෂ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්ව තිබේ. කොංග්‍රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව සිදුකරන යුද මෙහෙයුම් අත්හිටුවන ලෙස මෙම යෝජනාව මගින් ඉල්ලා තිබුණි. සෙනෙට් සභාවේදී පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම නිසා එය ප්‍රතික්ෂේප විය.

මෙම දේශපාලන තීන්දුවත් සමඟ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් යළිත් දරුණු ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙහෙරාන් නුවර මූලෝපායික මධ්‍යස්ථාන රැසක් මෙලෙස ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්ව ඇති බව සඳහන් වේ.

මේ අතර ලෙබනනය තුළ ක්‍රියාත්මක වන ඊශ්‍රායල මෙහෙයුම් ද තවදුරටත් දැඩි කර තිබේ. ගුවන් ප්‍රහාරවලට අමතරව ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනය ආක්‍රමණය කරමින් සිටින ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 72ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. එහෙත් ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවන් හමුවේ තමන් කිසිසේත් පසුබට නොවන බවත්, ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන බවත් හිස්බුල්ලා නායක නයිල් කසේම් අවධාරණය කර තිබේ. දැනට දකුණු ලෙබනන් කලාපය තුළ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර මුහුණට මුහුණ දරුණු සටන් පවතින බව වාර්තා වේ.

යුද්ධයේ බලපෑම සෞදි අරාබිය දෙසට ද ව්‍යාප්ත වී ඇති අතර, එරට ‘අල් කරාජ්’ නගරය ඉලක්ක කරමින් එල්ල වූ කෘෘස් මිසයිල 3ක් සාර්ථකව විනාශ කිරීමට තමන් සමත් වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. මැදපෙරදිග කලාපය පුරා මෙලෙස මිසයිල සහ ගුවන් ප්‍රහාර ව්‍යාප්ත වීම හේතුවෙන් ජාත්‍යන්තරය දැඩි කනස්සල්ලට පත්ව සිටියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්